පරිගණක සහ වෙනත් යන්ත්‍ර බුද්ධිය මෙහෙයවා ක්‍රියා කරයි නම් එම බුද්ධිය කෘත්‍රීම බුද්ධිය ලෙස හැඳින්වෙනවා. කෘත්‍රීම බුද්ධිය යන්නෙහි කෘත්‍රීම යන වචනයෙන් හැඟවෙන්නේ එම බුද්ධිය ස්වාභාවික නොවන බව සහ මිනිසුන් විසින් කෘත්‍රීමව එම යන්ත්‍රවල නිර්මාණය කර ඇති බව. මිනිසුන් විසින් බුද්ධිය මෙහෙයවා කරන කටයුතු යන්ත්‍රවලින් කරගැනීමට මිනිසුන් බොහෝ කාලයක සිට උත්සාහ ගනිමින් සිටිනවා. තාක්ෂණයේ දියුණුවත් සමඟ එම උත්සාහයන් යම් යම් ප්‍රමාණවලින් සාර්ථක වී තිබෙනවා. මේ කාලයේ ඔබ අප භාවිතා කරන සුහුරු දුරකථනවල (smart phones) කෘත්‍රීම බුද්ධිය භාවිතා වන මට්ටම වැඩි වී තිබෙන අතර තවදුරටත් කෘත්‍රීම බුද්ධියෙන් කළ හැකි දේවල් දුරකථනවලට ඇතුලු කිරීමට දුරකථන නිෂ්පාදන සමාගම් සහ මෘදුකාංග නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටිනවා.
කෘත්‍රීම බුද්ධියෙන් කවර දෑ කර ගත හැකි ද?
මිනිසුන් විසින් බුද්ධිය මෙහෙයවා කරන කටයුතු විවිධාකාරයි. මේ නිසා කෘත්‍රීම බුද්ධියෙන් කළ හැක්කේ මේ ක්‍රියාවන් පමණකැයි සීමිත ක්‍රියාවන් ලැයිස්තුවක් ගෙන හැර දැක්වීම කළ හැකි දෙයක් නොවෙයි. මිනිසුන් විසින් යන්ත්‍ර තුළ අඩංගු කරන කෘත්‍රීම බුද්ධිය සකස් කරන ආකාරයන්ගේ දියුණුවීම්වලට අනුරූපව එම යන්ත්‍රවලට ලැබෙන බුද්ධිම හැකියාවන් වැඩි වන විට කෘත්‍රීම බුද්ධිය භාවිතයෙන් කළ හැකි දෑ ද වැඩි වෙනවා. මෙකල දුරකථනවල කෘත්‍රීම බුද්ධිය භාවිතා කෙරෙන අවස්ථාවන් සීමිත ප්‍රමාණයක් මෙසෙයී:
- මුහුණු හඳුනා ගැනීම (facial recognition)
- දුරකථනයකින් උකහා ගන්නා ශබ්දයේ ඇති ඝෝෂාව සහ දෝංකාරය ඉවත් කිරීම (noise and echo cancellation)
- කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප සහ වීඩියෝවල ගුණාත්මක භාවය දියුණු කිරීම
- ඡායාරූප සහ වීඩියෝ නොයෙක් ආකාරයන්ගෙන් වෙනස් කිරීම (photo and video editing)
- කැමරාවෙන් ලබාගන්නා ඡායාරූපයක ඇති වස්තු තත්කාලයේදීම හඳුනාගැනීම
- ශබ්ද විධානයන්ට සහ වෙනත් ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වන සහායකයෙකු ලෙස කටයුතු කිරීම (උදාහරණ: Apple Siri, Google Assistant)
- මිනිස් කියවීම් සහ අත් අකුරින් ලිවීම් හඳුනාගෙන නියමිත අකුරු, වචන, පද සහ වාක්‍යවලට හැරවීම
- ලිවීමක් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම
- කියවීමක් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම
- දුරකථනය හරහා යම් අයෙකුට කථා කිරීමේදී කථා කරන භාෂාව වෙනත් භාෂාවකට තත්කාලයේදීම පරිවර්තනය කර අසන්නාට ඇසෙන්නට සැලැස්වීම
- දීර්ඝ ලිපියක ඇති වැදගත් දෑ උකහාගෙන එය සාරාංශ කිරීම
- සාරාංශ වශයෙන් ලබා දෙන වාක්‍ය ඛණ්ඩයකට අදාළව දිගු ලිපියක් ලිවීම
- යම් ලිපියක ආචාරශීලී බව, වෘත්තීමය බව ආදී ස්වභාවයන් වෙනස් කිරීම
පහත දැක්වෙන වීඩියෝ නැරඹීමෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතා වන ආකාරය පිළිබඳ වැඩි වැටහීමක් ලබාගන්න පුළුවන්: